සෙව්වන්දි තවත් තොරතුරු වමාරයි - පෙම්වතෙක් ගැන හා පොලිසියෙන් පැන්න හැටි හෙළි කරයි
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිගෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ වන විට රඳවා ප්‍රශ්න කරයි. ඉෂාරා පවසා ඇත්තේ, තමන්ගේ පෙර පෙම්වතකු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හරහා කෙහෙල්බද්දර පද්මේ හඳුනාගත් බවය.
ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නම් පුද්ගලයා පද්මේ විසින් ඇයට හඳුන්වාදුන් බවද ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත. ඉෂාරා අනාවරණය කරන පරිදි පද්මේ ඇයට “කොහොම හරි ඌ ලව්වා වැඩේ කරගන්නා” ලෙස පැවසූ බවත්, එමෙන්ම ඔහු සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන ඝාතනය සඳහා මෙහෙයුම් කළ බවත්ය.
කෙසේ වෙතත්, කෙහෙල්බද්දර පද්මේ සමග පැවැති හිතවත්කම හේතුවෙන් කිසිදු මුදලක් ලබා නොගත් බව ඇය විමර්ශන නිලධාරීන්ට පැවසුවාය. ගණේමුල්ල සංජීව ඝාතනය සිදු වූ දිනයේ, එනම් පෙබරවාරි 19 වන රාත්‍රියේ, ඇය වැලිපැන්න ප්‍රදේශයේ නිවසක රැය පහන් කළ බවත්, ඊට පසු මතුගම ශාන්ගේ සමීපතමයෙකුගේ දොඩංගොඩ ප්‍රදේශයේ නිවසක මාස එකහමාරක කාලයක් රැඳී සිටි බවත් ඇය පවසා ඇත.
අප්‍රේල් 13 වනදා ඇය දොඩංගොඩ සිට මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක් වෙත ගොස් නවාතැන්ගෙන සිටි අතර එම දිනය තෝරාගෙන තිබුණේ, අලුත් අවුරුදු සමය නිසා පොලිස් නිලධාරීන් රාජකාරීවල යෙදී සිටීම නිසා බවත් පවසා තිබේ. එහිදී ඇය කිසිදු ජංගම දුරකතනයක් භාවිත නොකළ බවද වාර්තා වේ.
මැයි 6 වනදා, පළාත් පාලන මැතිවරණය පැවැති දිනයේ, ඇය යාපනය බලා ගොස් තිබේ. මෙම දිනය තෝරාගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් එදා ඡන්ද රාජකාරීවල යෙදී සිටීම නිසා බව අනාවරණය කර තිබේ.
අද දිනයේදී, ඉෂාරා සෙව්වන්දි මතුගම ප්‍රදේශයට රැගෙන ගොස්, අනතුරුව මිද්දෙණිය ප්‍රදේශයේ නිවසට නැවත රැගෙන ගොස් ඇත. කොළඹ අපරාධ කොට්ඨාසය, ඇයට නවාතැන් ලබාදුන් වැලිපැන්න නිවසේ හිමිකාරිය සහ ඇයගේ බෑණා වන අලුත්ගම පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම, දොඩංගොඩ නිවසේ නවාතැන් ලබාදුන් පුද්ගලයා සහ මිද්දෙණිය ප්‍රදේශයේ නිවසේ නවාතැන් ලබාදුන් කාන්තාවද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ වෙතත්, එම කාන්තාව අත්අඩංගුවට ගත් තැනැත්තාගේ බිරිය වන අතර, ඔහු හරක් කටා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කර තිබේ.
මෙම විමර්ශන, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත, කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කෙරේ.