ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඩුබායි ගුවන්තොටුපොළ ඇවිලෙයි.. සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
By Shehan
Courtesy: Reuters
බායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, එම ප්‍රහාරය හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ප්‍රහාරය ඉන්ධන ටැංකියකට එල්ල වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ගින්න ඇති වී ඇති බවත් සඳහන් වේ. මේ වන විට ගින්න මැඩපැවැත්වීමට සිවිල් ආරක්ෂක කණ්ඩායම් සහ බලධාරීන් කටයුතු කරමින් සිටිති.
මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව ද වැඩිදුරටත් සඳහන් වේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර හෝ වගකීම දරන පාර්ශ්වයක් තවමත් නිල වශයෙන් අනාවරණය වී නොමැති බව ද විදෙස් මාධ්‍ය පවසයි.
ඩුබායි ගුවන්තොටුපළ අවට ආරක්ෂාව තද කර ඇති අතර,
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග ගින්නක් හට ගැනුණු අතර ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.