ගින්නකින් පාසල් ළමුන් 19ක් ජිවිතක්ෂයට - ශෝක දිනයන් තුනක් ද ප්‍රකාශයට පත් කරලා..
ගයානාවේ පාසලක ඇති වූ ගින්නකින් ළමුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ ගයානාවේ මහීඩා ද්වීතික පාසලේ නේවාසිකාගාරයක ය.
එම මියගිය පිරිස අතර ගැහැණු ළමුන් 18 දෙනෙකු සිටින අතර මෙම ගින්න ඊයේ (22) මධ්‍යම රාත්‍රී එම ගින්න හටගෙන තිබෙන්නේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙම සිදුවීමත් සමග ගයානාවේ ජනාධිපතිවරයා විසින් එරටට දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.
මේ අතර, අබුඩාබිහි නිවසක හටගත් ගින්නකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ එරට Muazzaz ප්‍රදේශයේ නිවසක ය.
ගින්නෙන් තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසු වෙයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියගිය පුද්ගලයින් වෙනුවෙන් එරට බලධාරීන් ශෝකය පළ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |