ලැගුම්හලක ඇති වූ ගින්නකින් දකුණු බ්‍රසීලයේ පෝටෝ ඇලග්‍රේ නගරයේ පුද්ගලයින් 10දෙනෙකු මියගොස් තවත් 13දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, ගින්න හට ගන්නා අවස්ථාවේ දී එම ලැගුම්හලේ 30දෙනෙකු පමණ සිට ඇති බවත්, ඇතැමුන්ගේ තත්ත්වය බරපතල බවයි.
නිවාස නොමැති පිරිසක් හා සරණාගතයින් පිරිසක් මෙම ලැගුම්හල භාවිත කරමින් සිට ඇති බව එරට බලධාරීන් පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ, ගින්න ඇතිවීමට හේතුව අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන බවත්, ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින්ට පැය තුනක පමණ කාලයක් ගතව ඇති බවයි.