ෆයිනස් දැව ආනයනය නවතී.

Parliament of Sri Lanka Sri Lanka
By Hashini Sep 18, 2023 04:02 AM GMT
Hashini

Hashini

Report

 පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ෆයිනස් දැව ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් දැඩි නීති නිර්දේශ කිරීමට අවධානය යොමු කර තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ ඉදිරි වසර දහ අටකට අවශ්‍ය ෆයිනස් දැව මෙරටින් ලබා ගැනීමට හැකිවීමයි.

පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම ඊයේ (17) පැවසුවේ දැව ආනයනය සඳහා වසරකට රුපියල් කෝටි නවසියයක් පමණ වැය කෙරෙන බවයි.

ඉන් ෆයිනස් දැව ආනයනයට වැය කෙරෙන මුදල රුපියල් කෝටි එකසිය හැටක් බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මෙම සතියේදී පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කාරක සභාවට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන් කැඳවා තිබෙනවා. 

ReeCha