QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීම ගැන පිරවුම්හල් වෙතින් විශේෂ දැනුම්දීමක්

Report

මේ වන විට QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.

 අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ උදෑසන 8-9 පමණ වනවිට දිවයින පුරා පිහිටි සියලු ඉන්ධන පිරවුම්හල් QR කේතයයට අනුගත වී තිබෙන බවයි.

තවද බවත් ඒ අනුව මේ වන විට QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් එතුමා සදහන් කර ඇත.

  ඒ වගේම එතුමා ප්‍රකාශ කළේ මෙම ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කළද කෑන් සහ බෝතල් සඳහා ඉන්ධන නිකුත් නොකරන බවත් තමන්ගේ වාහනයෙන් පැමිණ ඉන්ධන ලබා ගත යුතු බවයි .

QR කේත භාවිතයෙන් ඉන්ධන ගැනීමේ ප්‍රශ්ණ රැසක් - රජයෙන් නිවේදනයක් එළියට

QR කේත භාවිතයෙන් ඉන්ධන ගැනීමේ ප්‍රශ්ණ රැසක් - රජයෙන් නිවේදනයක් එළියට

වෙනත් වාහනවලින් පැමිණියත් එම වාහනයට ඉන්ධන නිකුත් නොකිරීමටද ඉන්ධන පිරවුම්හල් තීරණය කළ බවත් සභාපතිවරයා දැනුම් දී තිබේ .

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා මේ සම්බන්ධව වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

"අද උදේ 8-9 විතර වුණා QR කේතය ඉන්ධන පිරවුම්හල්වලට අනුගත කරගන්න. දැන් සාර්ථකව QR කේතය අනුගත කරලා තියෙනවා දැන් සාර්ථකව ඒ අනුව වැඩකටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම අලුතෙන් වාහන ලබා ගත්ත අයට QR කේතය ලබා ගන්න බැරිවෙලා තියෙනවා කියලා පැමිණිලි ඇවිල්ලා තියෙනවා. අපි හිතනවා රජය ඒකට මැදිහත් වෙලා ඒකට විසඳුමක් ලබා දෙයි කියලා. ඉන්ධන පිරවුම්හල්වලටත් උදේ 8-9 වෙනකන් QR කේතයට අනුගත වෙන්න බැරිවුණා දැන් සියල්ල හොඳින් යනවා ඒ අනුව තමයි ඉන්ධන නිකුත් කරන්නේ. QR කේතය අනුගත කළාට ඉන්ධන පිරවුම්හල් තමයි කෙලින්ම මහජනතාව එක්ක අනුගත වෙලා මේක ක්‍රියාත්මක කරන්නේ.

මෙතනදි ඉන්ධන පිරවුම්හලට, පොම්පකරුවන්ට විශාල වගකීමක් පැවරෙනවා. අපි ඒ වගකීම අරගෙන ඉතාම කාර්යක්ෂමව, වගකීම් සහිතව තමයි අපි ඉන්ධන නිකුත් කරන්නේ. අපි කියනවා පාරිභෝගික ජනතාවට QR කේතය තිබුණත් අපි කෑන්වලට, බෝතල්වලට ඉන්ධන නිකුත් කරන්නේ නැහැ. මොකද හේතුව QR කේතයට අනුගත වෙලා ආපුවාම අපිට වාහනය අඳුරගන්න පුළුවන්. දැනට තිබෙන නීතිය අනුව වාහනයට පමණයි ඉන්ධන නිකුත් කරන්නේ.

කාගේ හරි QR කේතයයක් අරගෙන වෙනත් වාහනයක් ආවත් අපේ පොම්පකරුවන් ඉන්ධන නිකුත් කරන්නේ නැහැ. ඒ නිසා මම කරුණාවෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ QR කේතය තමන්ගේ වාහනයෙන් පැමිණ ඉන්ධන ලබා ගන්න කියලා."

QR එකෙන් අලුත් වාහන වලට ඉන්ධන නැද්ද? වාහන හිමිකරුවන් ලොකු ප්‍රශ්ණයක් මතුවෙලා

QR එකෙන් අලුත් වාහන වලට ඉන්ධන නැද්ද? වාහන හිමිකරුවන් ලොකු ප්‍රශ්ණයක් මතුවෙලා