දේදුනු පාටින් හැඩ වුණු තරුණයාගේ ඇඳුම් ගැලවීමට යයි - ක්‍රීඩාංගනය උණුසුම් කළ සිද්ධිය ..(PHOTOS)

Report

ඇමරිකා එක්සත් ජනපද මාධ්‍යවේදියෙකුට ලෝක කුසලාන තරඟ පවත්වන අහමඩ් බින් අලි ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවසර දී නොමැති බව වාර්තා වෙනවා.

මෙම මාධ්‍යවේදියා දේදුනු පාට ටී ෂර්ට් ඇඳ පැමිණීම නිසා මෙලෙස ඇතුල්වීමට අවසර දී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ක්‍රීඩා මාධ්‍යවේදී ග්‍රාන්ට් වෝල් විදෙස් මාධ්‍ය වෙත පවසා සිටියේ ලෝක කුසලාන ආරක්ෂකයින් ඔහුට වේල්සයට එරෙහිව අල් රේයාන්හි අහමඩ් බින් අලි ක්‍රීඩාංගණයේදී ඇතුළුවීම ප්‍රතික්ෂේප කළ බවත් ඔහුගේ කමිසය ගලවන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන විට ඔහුගේ දුරකථනය පැහැරගෙන ගිය බවද ඔහු එහිදී පවසා තිබෙනවා.

පසුව ආරක්ෂක නිලධාරියෙකු ඔහු වෙත පැමිණ සමාව ඉල්ලා තමාට එම ස්ථානයට ඇතුළු වීමට ඉඩ දුන් බවත් එම පුද්ගලයා පසුව FIFA හි නියෝජිතයෙකුගෙන්ද සමාව අයැද සිටිය බවද ඔහු සදහන් කර තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now