හෙට ඇරඹෙන පාපන්දු ලෝක කුසලානයේ, පළමු වරට සුවිශේෂී වෙනස්කමක්

By Sewvandhi Nov 19, 2022 03:22 PM GMT
Report

වසර 92 ක ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් හෙටින් ඇරඹෙන 22 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සාමාජිකයන් 36 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලට කාන්තාවන් තිදෙනෙකු ද එක්කර තිබෙනවා. 

 ඉතිහාසයේ පළමුවරට ලෝක කුසලාන පිරිමි පාපාන්දු තරගාවලියේ විනිසුරුවන් ලෙස මෙලෙස කාන්තාවන් තිදෙනෙකු එක්කර තිබීම මෙහි ඇති විශේෂත්වයි.

මෙලෙස නම් කර ඇති විනිසුරුවරියන් වන්නේ ප්‍රංශයේ ස්ටෙෆ්නි ෆැප්‍රාට්, රැවන්ඩාවේ සලීමා මුකන්සංගා සහ ජපානයේ යෝෂ්මී යමසිටායි.

මේ අතර, කටාරය තුළ ක්‍රියාත්මක ,ඇදුම් පැලදුම් සහ වෙනත් භාවිතාවන්ට අදාළ දැඩි නීති,චාරිත්‍ර සහ සීමා කිරීම් මෙම විනිසුරුවරියන්ට බල නොපානු ඇති බව ලෝක කුසලාන පාපන්දු බලධාරීන් පවසා තිබෙනවා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හෙට කටාරයේදී ආරම්භ වන අතර රටවල් 32 ක කණ්ඩායම් ඊට එක්වනවා. සමාරම්භක තරගය පැවැත්වෙන්නේ සත්කාරක කටාරය සහ ඉක්වදෝරය අතරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now