උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Report

 ඉදිරියේ උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා ඉදිරියේ උත්සව සමය තුළදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව පොලීසිය සදහන් කර තිබේ.

මේ සඳහා අමතර පොලිස් නිළධාරීන් රාශියක්ද රාජකාරි සඳහා යෙදවීමට නියමිත පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි තවද එතුමා සදහන් කළේ ඉදිරි උත්සව සමයේදී ආගමික ස්ථාන සහ විවිධ ආගමික කටයුතුවල නිරතවන මහජනතාවගේ ආරක්ෂාව උදෙසා පොලීසිය කටයුතු කරන බවයි .

මේ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි නිලධාරීන් ද යෙදවීමට ද කටයුතු කරන බව එතුමා සදහන් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා තවදුරටත්  සදහන් කළේ  මෙම සියලු ආරක්ෂක කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවත් සම්බන්ධ කර ගන්නා බවත් ඒ අනුව උත්සව සමයේ ආරක්ෂාව සදහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි .

නායයෑම් අනතුරු ඇඟවීම - මේ පැති අනතුරේ

නායයෑම් අනතුරු ඇඟවීම - මේ පැති අනතුරේ

මේ සම්බන්දව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්.

"සියලුම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරු සහ ස්ථානාධිපතිවරු ඒ ඒ පොලිස් බලප්‍රදේශයන් හී පිහිටා තිබෙන සියලුම ආගමික ස්ථාන නායකයින් හමුවී ඉදිරි කාලයේදී පවත්වන්නා වූ සියලුම ආගමික වැඩසටහන් ආරක්ෂාව සැලසීම සඳහා ක්‍රියාකරනු ඇති. මේ උත්සව සමයේදී ආගමික ස්ථානවලට යන සහ විවිධ ආගමික කටයුතුවල නිරතවන මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබත් මේ සඳහා අවධානයෙන් සිට යම් සැකකටයුතු පුද්ගලයෙකු සහ සැකකටයුතු කණ්ඩායමක් හෝ සැකකටයුතු යම් දේපළක් පිළබඳව යම් චකිතයක්, සැකයක් ඇති වේ නම් ළඟම සිටින පොලිස් නිලධාරියෙකුට මේ සම්බන්ධව දැනුම් දෙන්න පුළුවන්.

මේ සියලු ආරක්ෂක කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවත් සම්බන්ධ කරගනිමින් මේ උත්සව සමය ආරක්ෂාකාරීව ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ වගේම ඔබ ආසන්නයේ රැඳී සිටිනවා සිවිල් ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරියන් රාශියක්, ඒ වගේම බුද්ධි නිලධාරීන් රාශියක් මේ උත්සව සමයේ ඔබේ ආරක්ෂාව සඳහා යොදවා සිටින අතර ශ්‍රී ලංකා පොලීසිය අමතර නිලධාරීන් බස්නාහිර පළාතේ 2,500කට වඩා අමතර පිරිසක් මේ වැඩපිළිවෙළට දායකත්වය ලබා දෙනවා."  

හල්දුම්මුල්ලෙ පවුල් 6ක් ඉවත් කරයි හේතුව මෙන්න

හල්දුම්මුල්ලෙ පවුල් 6ක් ඉවත් කරයි හේතුව මෙන්න