දිස්ත්‍රික්ක වලට පොහොර බෙදාදීම සම්බන්ධව විශේෂ දැනුම් දීමක්..

By Sithumi Jul 16, 2022 12:24 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්දීය රජය විසින් මෙරටට ලබා දෙන ලද යුරියා පොහොර තොග බෙදාහැරීම මේ වනවිට ඉතාමත් සාර්ථකව සිදු කරන බව ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.  .  පොළොන්නරුව දිස්ත්‍රික්කයට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 102.5ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයට මෙට්‍රික් ටොන්196.84ක්, මොනරාගල දිස්ත්‍රික්කයට මෙට්‍රික් ටොන් 63ක්, හා මාතලේ දිස්ත්‍රික්කයට මෙට්‍රික් ටොන් 25ක් ද වශයෙන් සපයනු ලැබ තිබේ.

ඉදිරි දින කිහිපය පුරාම පොහොර බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. මෙම පොහොර බෙදාහැරීම් කටයුතු රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම හා ලංකා කොමර්ෂල් පොහොර සමාගම විසින් සිදු කරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න 
Join now