පොහොර වර්ගයක මිල දැනෙන ගාණකින් අඩු කරයි.

Sri Lanka Ministry of Agriculture
By krishani May 16, 2023 10:25 AM GMT
krishani

krishani

Report

බණ්ඩි පොහොර මිල රුපියල් 4,500කින් අඩු කිරීමට කමිටුවේ අනුමැතිය හිමි වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.

ඒ අනුව බන්ඩි පොහොර හෙවත් MOP (මියුරියේට් ඔෆ් පොටෑෂ්) පොහොර මිල මෙම යල කන්නයේ දී රුපියල් 4,500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

මේ අතර, පසුගිය මහ කන්නයේ දී රජයට අයත් පොහොර සමාගම් 02 විසින් කිලෝග්‍රෑම් 50කින් සමන්විත බන්ඩි පොහොර මිටියක් රුපියල් 19,500ක මිලකට අලෙවි කළේ ය.

එමෙන්ම පුද්ගලික අංශය විසින් බන්ඩි පොහොර මිටියක් රුපියල් 22,500ක් බැගින් වූ මිලකට අලෙවි කිරීම සිදු කළේ ය.

නමුත් මෙවර යල කන්නයේ දී ගොවි නිෂ්පාදන වියදම් අඩුකිරීමේ අරමුණ ඇතිව බන්ඩි පොහොර මිල රුපියල් 15,000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට 2023.05. 08 දින රැස් වූ මිල කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join