රටම බලාපොරොත්තු වන තවත් නැවක් ප්‍රමාද බව ඇමැති කියයි ..

By Sithumi Jul 05, 2022 11:05 AM GMT
Sithumi

Sithumi

Report

මෙරටට පැමිණීමට නියමිතව තිබූ පොහොර නෞකාව පැමිණීම ද ප්‍රමාද වී ඇතැයි කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ඉන්දීය රජය හරහා ඕමානයේ සිට පොහොර මෙටි්‍රක් ටොන් 40,000ක් ගෙන එන නෞකාව අච (5) රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිතව තිබුණත් මුහුදේ පවතින කුණාටු තත්වය හේතුවෙන් එය පැමිණීම ලබන සෙනසුරාදා (9) දක්වා කල්ගොස් ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

ඉන්දීය ණය ආධාර යටතේ පොහොර මෙටි්‍රන් ටොන් 65,000 ක ප්‍රමාණයෙන් පළමු තොගය මෙලෙස පැමිණීමට නියමිත් අතර එය ආ සැණින් බෙදාහැරීම් ආරම්භ කරන බව කී ඇමතිවරයා එය යල කන්නයේ වී වගාවට ලබාදීමට ප්‍රමාණවත් බව ද කීය. ඉතිරි පොහොර මෙටි්‍රක් ටොන් 25,000ක් රැගත් නැව ද නුදුරේදීම පැමිණෙන බව කී ඇමතිවරයා එය ප්‍රධාන වශයෙන් බඩඉරිඟු ගොවීන්ටත්, යම් ප්‍රමාණයක් තේ ගොවීන්ටත් ලබාදීමට බලාපොරොත්තු වන බව ද කීවේය.

මේ වන විට වෙළඳපලේ රුපියල් 40,000ක් වන යූරියා මිටියක් වී හා බඩඉරිඟු ගොවීන්ට රුපියල් 10,000 බැගින් ලබාදෙන බව කී ඇමතිවරයා අනෙක් වගාවන්ට අවශ්‍ය සහය දීම ගැන සාකච්ඡා කරමින් සිටින බව ද පැවසීය. ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now