රජයේ පොහොර භාවිතා කරන්නන්ට වන්දි.. කෘෂි කර්ම ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..
sri lanka
Fertilizer prblem
By Sithumi
රජය ලබාදුන් කුමන හෝ පොහොරක් භාවිත කර ඇත්නම් වගා හානි ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
වගා හානි සඳහා වන්දි ගෙවීමේදී රජය ලබාදුන් පොහොර වර්ග සියල්ලම භාවිත කළයුතු බවට මධ්‍ය විසින් වරදවා විකාශය කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් පසුගිය දෙවැනිදා කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ, වගා හානි සම්බන්ධයෙන් වන්දි ලබා දෙන්නේ රජය ලබාදුන් පොහොර වර්ග 4 භාවිත කළ පිරිස් සඳහා පමණක් බවය.
මේ අතර වගාවන් සඳහා රසායනික පොහොර නොමැතිව තම වගාවන් විනාශ වන බවට ගොවීන් තවදුරටත් චෝදනා කරමින් තිබේ.
ගොවීන් පෙන්වා දෙන්නේ රජය විසින් ලබාදුන් කාබනික දියර පොහොර වගාවන් සඳහා යෙදුවද ගොයමේ කිසිදු වර්ධනයක් නොමැති බවය.