දීග දුන්න රූමත් දියණියට වුණ වැඩක් නිසා පියා විසින් ආපහු මංගල පෙරහැරින්ම තම දියණියව මහ ගෙදරටම ගෙනල්ලා.. බලන්නකෝ දරු දුකට තාත්තෙක්ගේ හිතේ ඇති වුණ ඒ වේදනාව කොයිතරම් වෙන්න ඇති ද කියලා?.. (PHOTOS)

India
By krishani Oct 22, 2023 09:54 AM GMT
krishani

krishani

Report

තම දියණියව විවාහ කර යැවූ පසු සැමියාගේ මවගෙන් වුණ පීඩාවන් හේතුවෙන් පියෙකු තම විවාහක දියණිය නැවතත් මංගල පෙරහැරකින් සිය නිවසටම ගෙන ආ පුවතක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වේ.

මෙලෙස කටයුතු කිරිමට තීරණය කළේ  දැරියගේ පියා වන ප්‍රේම් ගුප්තා නමැත්තා ය.

ඔහු සඳහන් කරන්නේ තම විවාහක දියණිය වන සාක්ෂි ගුප්තාට ඇගේ සැමියාගේ මවගෙන් නිරන්තරයෙන් වධ හිංසා සහ හිරිහැර සිදුවන බවයි.

වීඩියෝවක් මගින් අදහස් දක්වමින් ප්‍රේම් ගුප්තා කියා සිටියේ මෙවැන්නකී.එනම්,

“මිනිසුන් තම දියණියන් විවාහ කර දෙන්නේ උත්කර්ෂවත් ලෙසයි.නමුත් එම සැමියා සහ ඔහුගේ පවුලේ අය වැරදි දේ කළහොත් බලා නොයිද ගෞරවාන්විතව ඔයාගෙ දුවව ආපහු ගෙදරට ගෙන්වා ගන්න.මොකද දුවලා කියන්නේ හුගක් වටින අය” යනුවෙන් ය.

GalleryGalleryGallery
ReeCha