තාත්තා බාල බෙහෙත් ගෙනාව .පුතා ලෙඩ වුණා

Keheliya Rambukwella Sri Lanka Politician Gossip Today Sinhala news
By Hashan May 24, 2025 02:57 AM GMT
Hashan

Hashan

Report

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල,  21 වනදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන යනු ලැබූ අතර, එදිනම ශ්වසන අපහසුතා හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

බන්ධනාගාරයට යොමු කිරීමේ දී ඔහු එම්-2 වාට්ටුවට යවන ලද අතර, එහි දී ඔහු බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇත්තේ තමන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති බවයි.

බන්ධනාගාර වෛද්‍යවරුන් මූලික පරීක්ෂණ සිදු කළ අතර, රමිත් වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ, නිදාගැනීමේ දී තමන්ට දැඩි ශ්වසන අපහසුතා ඇති වන බවත්, එවැනි අවස්ථාවල දී විශේෂ වෛද්‍ය උපකරණයක් (ඉන්හේලර්) භාවිතා කරන බවත්ය.

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත වෙයි

බන්ධනාගාර ආරංචි මාර්ගවලට අනුව, රමිත් බන්ධනාගාරයට පැමිණෙන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසු වූ ඔහු, හිතාමතා ම තම ශ්වසන උපකරණය ද රැගෙන විත් තිබේ.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද බන්ධනාගාරයේ දී රෝගී වූ අතර, ඔහුට ප්‍රතිකාර කළ බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව, රමිත්ට නිදා ගැනීම සඳහා විශේෂ ඇඳක් ලබා දිය යුතු බවත්, ශ්වසන අපහසුතා ඇතිවන අවස්ථාවල දී අදාළ වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවත් නිර්දේශ කර ඇත.

ඔහුගේ තත්ත්වය තවදුරටත් නරක අතට හැරුණහොත්, වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර වෛද්‍යවරුන් සූදානමින් සිටින බවද සඳහන්ය.  අධිකරණ නියෝගයක් මත රිමාන්ඩ් බන්ධනාගාරයට යවන ලද රමිත් රඹුක්වැල්ල සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදු වෙමින් පවතී.  ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරීන් නිරන්තර අධීක්ෂණයක යෙදී සිටින බව වාර්තා වේ.

අවදානාත්මක විශේෂ නිවේදනයක්

අවදානාත්මක විශේෂ නිවේදනයක්

රමිත්ගේ ශ්වසන අපහසුතා තත්ත්වය ගැන ඔහුගේ නීතිඥ කණ්ඩායමට සහ පවුලේ සාමාජිකයන්ට දැනුම් දී ඇති බවද බන්ධනාගාර ආරංචිමාර්ග හෙළි කරයි. 

ReeCha