දියණියගේ ආරවුලෙන් පියා මරුට.

Police spokesman Sri Lanka Death
By Hashini Sep 29, 2023 05:05 AM GMT
Hashini

Hashini

Report

මිනුවන්ගොඩ අළුතැපොල ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

ඊයේ (28) උදෑසන කාලයේදී එම ඝාතනය සිදුව ඇත්තේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 74 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරුගේ දියණිය පළමු විවාහයෙන් වෙන්වී සිටින අතර ඇය වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත් වෙන බවත් ඇය ඔහු සමඟ ඇති කරගත් ආරවුලකට පියා මැදිහත්වීමෙන් එම පුද්ගලයා විසින් පොල්ලකින් පහරදී පියාව ඝාතනය කර තිබෙනවා.

බරපතළ තුවාල ලබා සිටි 74 හැවිරිදි එම පුද්ගලයාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.  

ReeCha