පසුගිය වසරට සාපේක්ෂව අවාසනාවන්ත හෙළිදරව්වක්
පසුගිය වසරට සාපේක්ෂව මෙවර අප්‍රේල් 10 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළ රිය අනතුරුවල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.
අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, අදාළ කාල සීමාව තුළ පසුගිය වසරට වඩා මාරක රිය අනතුරු 18ක වැඩිවීමක් වාර්තා වී ඇති බවයි.
උත්සව සමය තුළ මාර්ග විනය නොතකා කටයුතු කිරීම මෙම අනතුරු ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බව ද පොලිසිය පෙන්වා දෙයි.