බෞද්ධ ඉතිහාසයේ තිරිසන් සතුන් සමඟ පා ගමන් ගියපු බවක් අහලා නෑ - කස්සප හිමිගෙන් සැර ප්‍රකාශයක්
සාම පා ගමන සඳහා එකඟ වුව ද, එය ලංකාවේ ථේරවාද බෞද්ධ සම්ප්රදාය අනුව පැවැත්වූයේ නම් වඩාත් සුදුසු බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ප්‍රකාශ කර තිබේ.
ඒ වගේම උන්වහන්සේ තව දුරටත් ස බෞද්ධ ප්රබෝධයක් ඇති කළ යුත්තේ බෞද්ධයන් බහුල ප්‍රදේශවල නොව බෞද්ධයන් හීන ප්‍රදේශවල බවයි.
ඒ අනුව, එය උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ද පැවැත්විය යුතුව තිබූ බවයි .
අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කර තිබේ ඒ වගේම බෞද්ධ ඉතිහාසයේ තිරිසන් සතුන් සමඟ පා ගමන් ගොස් ඇති බවක් අසා නොමැති බවත්, තිරිසන් සතුන්ට සිවුරු පෙරවීම අනුමත නොකරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කර තිබේ.
තව දුරටත් උන්වහන්සේ සදහන් කළේ මෙවන් අදහසක්
'' වියට්නාම භික්ෂූන් වහන්සේලා සාම පා ගමනක් ගිහින් මුළු ලෝකයේම අවධානය දිනා ගත්තා. ඒවගේම ලංකාවට වැඩම කල භික්ෂූන් වහන්සේලා පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා ඒ වගේම අපේ යෝජනාව වෙන්නේ අපි ථේරවාද බුදු දහම ගරු කරන රටක් ගර්ම කලාපීය රටක් ඇමරිකාවෙනම් වීදි සුනඛයෝ දකින්න ලැබුණේ නෑ .ඒත් ලංකාවෙනම් වීදී සුනඛයෝ ගොඩක් ඉන්නවා . එතකොට බල්ලෙක් එක්ක මේ සාම පා ගමන වැඩම කරද්දී මේ ස්වාමීන් වහන්සේලාට මොනවගේ අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද දන්නේ නෑ . අනික මේ පා ගමනට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන නිසා සියළු පළාත් ආවරණය කර්න්න . ඒත් උතුරු සහ නැගෙන හිර පළාත් ආවරණය කරන්න හිතුණා.
අපේ ස්ථාවරය මේ සාම පාගමනට එකගයි ,නමුත් යම්කිසි ව්‍යාකූලත්වයක් ගොඩ නැගුණොත් හාමුදුරුවන්ට තමයි පහර වදින්නේ ආලෝක බල්ලා නිසා අපේ එදිනෙදා ඉන්න බල්ලන්ට පහර වදිනවට මම කැමති නෑ. සාම පා ගමනින්ම සාමය ඇති වෙන්නේ නෑ .මීට වඩා ලංකාවට ගැළපෙන විදිහට පා ගමන සංවිධානය වුණානම් හොදයි .තිරිසන් සත්වයෙක්ට සිවුරු පෙරවීම වැනි දේවල් අපි අනුමත කරන්නේ නෑ ''