අලුත් අවුරුදු ආවට මේ අවුරුද්දේ ජනතාවට අභියෝග කන්දරාවක් විමල්ගෙන් චෝදනා
මෙවර අලුත් අවුරුද්ද උදා වුවද ජනතාවට උරුම වී ඇත්තේ අභියෝග කන්දරාවක් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සදහන් කර තිබේ .
බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කර ඇත .
වත්මන් විදුලි අර්බුදයට ප්‍රධානතම හේතුව “ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා” බව පැවසූ ඒ මහතා විදුලි ඒකකයක පිරිවැය කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබෙන්නේ එම අක්රමිකතාව නිසා බව කීවේය.
විමල් වීරවංශ මහතා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
''රටේ විදුලි අවශ්‍යතාවයෙන් 40%ක් සපයන නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග නොමැති වීමෙන් ජාතික පද්ධතිය බරපතළ රික්තයකට ඇද වැටී තිබෙනවා. Òබාල ගල්අඟුරු පවා ගොඩබාගන්න බැරි තත්ත්වයක් තුළ, නොරොච්චෝලේ අක්‍රිය වූ විට ඇතිවන හිඩැස පිරවීමට රජයට විකල්ප නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නුදුරේදීම ජනතාවට කළුවරේ ඉන්නටත්, දාඩිය දමමින් පීඩා විඳින්නටත් සිදුවන නිල නොවන විදුලි කප්පාදුවක් දැනටමත් ආරම්භ වී තිබෙනවා, එපමණක් නොව, විදුලිය නිපදවීම සඳහා ජලාශවල ජලය අසීමිතව පාවිච්චි කිරීම හේතුවෙන් නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පානීය ජල හිඟයක් මතු වී තිබෙනවා.
ඉදිරියේදී ගොවියාට වගා කිරීමට වතුර නැති වන තත්ත්වයක් උදාවන බවට අනතුරු අඟවා තිබෙනවා. අද රට පාලනය කරන්නේ “කැසිනෝ ධම්මික” නමැති ව්‍යාපාරිකයා. ස්පොට් ටෙන්ඩර් හරහා ගල්අඟුරු ගෙන්වීමේ මගඩිය පසුපසත්, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත් කිරීම පිටුපසත් සිටින්නේ මොහුයි.''