මාලිමාව දෙදරයි - ලොක්කෝ 12ක් එවපු ලිපියකින් පැලවත්ත කැළඹෙයි

Report

පාලක පාර්ශවය නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයන් දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, වත්මන් පාලනයේ පවතින දුර්වලතා පෙන්වා දෙමින් ඒවා නිවැරදි කරන මෙන් ඉල්ලමින් පැලවත්ත පිහිටි ජාතික ජන බලවේග පක්ෂ මූලස්ථානය වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

අඳාළ පිරිස අතර අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු සහ පසුපෙළ මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ඇතුළත් වන බව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙසේ අදහස් දක්වා ඇති පිරිස ජනතා විමුක්ති පෙරමුණේ මුල්කාලීන ක්‍රියාකාරීන් නොවන අතර, ඔවුන් ඉකුත් මැතිවරණ සමයේ මාලිමා සන්ධානය සමඟ එක්වූ විද්වතුන් සහ වෘත්තිකයන් වීම විශේෂත්වයක් වන බව පවසයි.

මහින්දගෙන් බලය ගැන ලොකු සැලැස්මක්

මහින්දගෙන් බලය ගැන ලොකු සැලැස්මක්

එමෙන්ම මොවුන් අතර හිටපු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ආරක්ෂක අංශවල විශ්‍රාමික ඉහළ නිලධාරීන්, නීතිඥයන් සහ වෛද්‍යවරුන් සිටින බව සඳහන්.

ඒ අනුව දේශපාලනයට පිවිසීමට පෙර ස්වකීය වෘත්තීන් හරහා ඉහළ ආදායම් ලැබූ මෙම පිරිස, වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ තමන් මුහුණ දෙන මූල්‍ය අපහසුතා පිළිබඳවද පක්ෂයේ අවධානය යොමු කර තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම මන්ත්‍රී ධුරයට පත්වීමෙන් අනතුරුව තම පෞද්ගලික ආර්ථික මට්ටම හුදෙක් යැපුම් මට්ටමකට සීමාවීම පිළිබඳව ඔවුන් සිය කනස්සල්ල පළ කර ඇත.

මේ අතර අදාළ මන්ත්‍රී කණ්ඩායමේ දෙදෙනෙකු මේ වන විට විදේශගතව සිටින බවද වාර්තා වේ.

ඒක කරලාම මැරියං! ආයේ බලය ගැන හිතන්න එපා - උවිඳුගෙන් ජනපතිට දැඩි අභියෝගයක්

ඒක කරලාම මැරියං! ආයේ බලය ගැන හිතන්න එපා - උවිඳුගෙන් ජනපතිට දැඩි අභියෝගයක්

අනුර දිසානායක කෝටිපතියෙක්ද? රාජිත සේනාරත්න කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න

අනුර දිසානායක කෝටිපතියෙක්ද? රාජිත සේනාරත්න කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න