දිනන්නම ඇද්ද කඹේ උඩ සඳුන් සදහටම දෑස පියාගයි - වෙන්නපුවම කඳුළින් තෙත් කළ අවුරුදු උත්සවය

Report

උදා වූ අලුත් අවුරුදු සිරිය රට පුරා පැතිර යද්දී, වෙන්නප්පුව ප්‍රදේශයෙන් දෑස් කඳුළින් තෙත් කරන අතිශය සංවේදී පුවතක් අසන්නට ලැබෙන්නේ අවුරුදු සිරි විඳීමත් අමතක කරවමින්.

ඒ, අවුරුදු උත්සවයක සිදුවූ අවාසනාවන්ත මරණයක් සම්බන්ධයෙන්. වෙන්නප්පුව කොස්වත්ත, මීගහවෙල ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයේදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබෙනවා.

එහි සිටි පිරිස් ප්‍රකාශ කරන්නේ "මේක නම් දිනන්නම ඕනේ කඹ ඇදිල්ලක්" යැයි පවසමින් අඳාළ සඳුන් නැමති තරුණයා ඉතාමත් උද්‍යෝගයෙන් තරඟයට අවතීර්ණ වූ බවයි.

තමන්ටම ආවේණික වූ ගායන හැකියාවකින් ප්‍රේක්ෂකයන් පිනවූ සංගීත ලොව තවත් පහනක් නිවී යයි

තමන්ටම ආවේණික වූ ගායන හැකියාවකින් ප්‍රේක්ෂකයන් පිනවූ සංගීත ලොව තවත් පහනක් නිවී යයි

එහෙත් දෛවය ඔහුට ඉතිරි කළේ තවත් තත්ත්පර කිහිපයක් පමණක් බව ඔහු නොදැන සිටින්න ඇති.

තරඟය අතරතුර ඇති වූ දැඩි වෙහෙසත් සමඟ සඳුන්ට හදිසියේම පපුවේ අමාරුවක් වැළඳී තිබූ අතර, ඔහු එම ස්ථානයේදීම අවසන් හුස්ම හෙළා ඇත්තේ රැස්ව සිටි සියල්ලම කම්පා කරමින්.

ඔහුගේ මරණයත් සමඟ සිනහවෙන් සහ ජයග්‍රාහී හඬින් පිරී තිබූ උත්සව පිටිය එකම මළගෙයක් බවට පත්ව ඇත්තේ ඇසිල්ලකින්.

මුළු රටක් හඬවන දැදුරු ඔයේ ඛේදවාචකය - එකම පවුලේ හත් දෙනෙකු ඇතුළු ජීවිත 8ක් දැදුරු ඔය පතුලේ සැඟව ගිය හැටි

මුළු රටක් හඬවන දැදුරු ඔයේ ඛේදවාචකය - එකම පවුලේ හත් දෙනෙකු ඇතුළු ජීවිත 8ක් දැදුරු ඔය පතුලේ සැඟව ගිය හැටි

කෙසේ වෙතත් මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය මිනිස් සිරුරට දරාගත නොහැකි මට්ටමට පැමිණ ඇති බැවින් එළිමහනේ වෙහෙසකර කටයුතුවල නිරත වන විට සහ මෙවැනි ක්‍රීඩාවල යෙදෙන විට ඉතාමත් කල්පනාකාරී වන ලෙස සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් උපදෙස් දෙයි.

එමෙන්ම පවතින අධික රස්නය හෘදයාබාධ වැනි තත්ත්වයන් ඇති කිරීමට ප්‍රබල හේතුවක් විය හැකි බව ද සඳහන්.

ජපානය කැළඹෙයි - පළමු සුනාමි රළ පහර ළඟා වෙයි

ජපානය කැළඹෙයි - පළමු සුනාමි රළ පහර ළඟා වෙයි