ඉන්දීය උප ජනාධිපති දිවයිනෙන් පිටත්ව යයි
ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් සිය දෙදින නිල සංචාරය නිම කරමින් අද (20) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. මෙය ඉන්දීය උප ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රථම නිල සංචාරය ලෙස ඉතිහාසයට එක්වනවා.
දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණක් වුණා.
ඊයේ (19) පස්වරුවේ උප ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර එහිදී බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව, නිවාස ව්‍යාපෘති සහ ධීවර ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අවධානය යොමු කළා.
සංචාරය නිමවා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත්ව ගිය උප ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිසට ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ අමාත්‍යවරුන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් සමුදෙනු ලැබුවා.