පරිස්සමෙන් පාරේ යන්න
මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් දෙදෙනකු ජිවිතක්ෂයක්ට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (17) දිනයේ දී මෙම අනතුරු සිදුව ඇති බවයි. ඒ අනුව ඊයේ සවස් කාලයේ දී හබරණ පොලිස් වසමේ කුඩාරඹාවැව කුඹුක්වැව මාර්ගයේ කුඩාරඹාවැව වෙල් යාය අසල දී කුඹුක්වැව දෙස සිට කුඩාරඹාවැව දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයේ රැඳි සිටි පිරිමි දරුවෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අදාළ අනතුරින් බරපතල තුවාල ලැබූ එම දරුවා හබරණ රෝහලට ඇතුළත් කර ඇත.
පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වී ඇත්තේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ කුඩාරඹාවැව හබරණ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 08ක් දරුවෙකි .
එමෙන්ම ඊයේ සවස් කාලයේ දී වාරියපොළ පොලිස් වසමේ වාරියපොල හලාවත මාර්ගයේ වාරියපොල නගරයේ දී කුරුණෑගල දෙස සිට වාරියපොල බස් නැවතුම්පොල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පදික මාරුව හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් බරපතල තුවාල ලැබූ එම කාන්තාව වාරියපොල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වී ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 66ක් වූ මහකෙළිය, වාරියපොල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සිදුවූ අනතුරු සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පොලීසිය විසින් සිදුකරනු ලබයි.
