හමුදා සෙබළාට මරු කැඳ වූ මාරාන්තික අනතුර...
By Parami Dissanayake
යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි යුද හමුදා සෙබළෙකු ඉපලෝගම ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 522 පාබල බලසේවා මූලස්ථානයේ සේවය කළ සෙබළෙකි.
යතුරුපැදිය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගය අයිනේ තිබූ දුරකථන කණුවක ගැටී එම අනතුර සිදුව තිබු අතර කැකිරාව සිට එප්පාවල දක්වා ධාවනය කරමින් සිටි අතරතුරයි.
අනතුරින් පසු ප්‍රදේශවාසීන් විසින් යුද හමුදා සෙබළා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණද ඒ වන විටත් ඔහු ජිවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වෙයි.