දෙවියනේ මැල්සිරිපුරදී මාරක අනතුරක් - එක් පුද්ගලයකු මරුට

Report

මැල්සිරිපුර නාබැට ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇත. වාර්තා වෙන පරිදි, යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වන ලොරි රථයක පිටුපස ගැටීමෙන් පසු, එම යතුරුපැදියට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් ලොරි රථයක් ගැටීම නිසා අනතුර සිදු වී ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර, මියගොස් ඇත්තේ 51 හැවිරිදි මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථවල රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි, මැල්සිරිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බවද වාර්තා වේ.

පරවිපඤ්ඤං කුලම් වැව ඉස්මත්තේ අත් බෝම්බයක්

පරවිපඤ්ඤං කුලම් වැව ඉස්මත්තේ අත් බෝම්බයක්

ඉදිරි පැය 24ට ජනතාව ප්‍රවේශමෙන් - කාලගුණය දරුණු වෙයි

ඉදිරි පැය 24ට ජනතාව ප්‍රවේශමෙන් - කාලගුණය දරුණු වෙයි