මාරක අනතුරක් - මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැතත් අනතුර CCTV කැමරාවේ
By Kaushi
අනුරාධපුර, මාතලේ හන්දිය ප්‍රදේශයේදී අද (02) දින දහවල් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් ඇත.
ඒ අනුව එම කාන්තාව මාර්ගය හරහා ගමන් කිරීමේදී මිහින්තලය දෙස සිට පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
එමෙන්ම අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා සහ කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මාර්ගය හරහා ගමන් ගත් කාන්තාව මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.
එසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් පමණ වයසැති වයෝවෘද්ධ කාන්තාවක් වන අතර ඇයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව සඳහන්.
එමෙන්ම අනතුර පිළිබඳව මිහින්තලය පොලීසියේ රථ වාහන අංශය විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.