ගෝඨාගේ ආණ්ඩුවට වගේම මේ ආණ්ඩුවටත් ගෙදර යන්න වෙන ලකුණු - ජනාධිපතිගේ ගමේම දැවැන්ත උද්ඝෝෂණයක් - ලාල්ටයි නාමල්ටයි ගොවියන්ගෙන් රතු එළි
දේශයේ ගොවි හඩ සංවිධානය මඟින් දේශීය අල ගොවියා ශක්තිමත් නොකර, ගොවියාගේ ගැටළු විසඳීමට ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවට දේශපාලන හිතවතුන්ගේ මඩිය තර කර ඒ ඔස්සේ දේශපාලකයන් කොමිස් ලබා ගැනීමේ ක්‍රියාවලියක් මේවන විට ක්‍රියාත්මක කරන බවට චෝදනා කරයි.
ඒ නුවරඑළියේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්. ඒ අනුව එම සංවිධානය සඳහන් කළේ, උද්ගතව ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලා රටපුරා අල ගොවීන් එක මිටට කොළඹට ගෙන්වා උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට තමන් සූදානම් බවයි.
එහිදී දේශීය ගොවි හඬ සංවිධානය නියෝජනය කරමින් එහි සභාපති තරිඳු රත්නායක සහ දේශීය ගොවි හඬ සංවිධානය සමඟ එක්ව මාධ්‍ය හමුවට සහභාගි වූ නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති සම්පත් ගුණරත්න එහි ලේකම් හසිත වීරසිංහ සහ සාමාජික ඩිලංක ගුණරත්න යන අය අදහස් දක්වා සිටියා.
ඒ අනුව දේශයේ ගොවි හඬ සංවිධානයේ සභාපති තරිඳු රත්නායක මහතා සඳහන් කළේ,
"පෙර පැවති රජයන්වලට වසර ගණනාවක් පුරාවට හා වර්තමාන රජයට වසර දෙකක කාලයක් පුරාවට දේශීය අල ගොවියා පත්ව ඇති දැඩි පීඩාකාරි තත්ත්වය හා පකිස්ථානයෙන් හා තවත් විදේශීය රටවල් කිහිපයකින් ආනයනය කරන ලද අර්තාපල් මෙරටට ගෙන්වීමෙන් ඇතිවන තත්ත්වය පවසන නමුත් වග කිව යුතු රජයක් හැටියට කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වන විට අරන් නැහැ , රටේ කෘෂිකර්ම අමාත්‍යාංශය භාරදීලා තියෙන්නේ අමු පිස්සෙකුට සහ ඩිමෙන්සියා රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුට , ඔහු හැමදාම යහළුවොත් එක්ක එකතු වෙලා ආතල් අරගෙන ඉන්නවා හැරෙන්නට ගොවියා වෙනුවෙන් හා කෘෂිකාර්මික සංවර්ධයන වෙනුවෙන් කරපු දෙයක් නෑ , කෘෂිකර්මය ක්ෂේත්‍රය ගැන පළපුරුද්දක් තියෙන පුද්ගලයෙකු රටේ ජනාධිපතිවෙලා ඉන්න විට කෘෂිකර්ම ඇමති වෙලා ඉන්න පුද්ගලයා තමන්ගේ ක්ෂේත්‍රයම විනාශ කරන්න උත්සාහ කරනවානම් එක්කෝ ඒ පුද්ගලයාව රජයෙන් ඉවත් කරන්න ඕන එහෙමත් නැත්නම් තමන්ට ඒ ගැන අවබෝධයක් අරගෙන වැඩ කරන්න බැරි නම් තමන් ඉවත් වෙලා යන්න ඕන, මේ දෙකම නැතුව ගොවීන්ගේ දේශීය ගොවියාගේ ආර්ථිකය විනාශ කරලා ගොවියාගේ බඩට ගහන්න කටයුතු කරනවා නම් ඒකට විරුද්ධව අපි පෙළගැහෙන්නන ලෑස්ති , රජයට අවශ්‍ය අපිට කියලා උද්ඝෝෂණයක් කරවලා මේ වැඩේ විසඳ ගන්න නම් අපි ඒකටත් මේ දවස්වල කටයුතු කරනවා , ඉදිරියේදී ප්‍රාදේශීය දේශපාලන නායකයනුත් උදලු මිටින් කන්න ලෑස්ති වෙලා ඉන්න මොකද ගොවි ජනතාවට දැන් එපාවටම එපා වෙලා ඉන්නේ , ඔය කොළඹ ඉඳන් කතා කරන ලාල් කාන්ත සහ නාමල් කරුණාරත්න ගමට බැහැල බලන්න එතකොට වෙන දේ හිතාගන්න බැරි වෙයි , දේශී ගොවියාගේ ගැටළු විසඳා ගැනීමේ මූලික අදියරක් වශයෙන් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට උද්ඝෝෂණ සංවිධානය කරනවා. ඒකෙන් එක් උද්ඝෝෂණයක් ජනාධිපතිවරයාගේ ප්‍රදේශයේ තඹුත්තේගම දී සිදුවෙනවා , ඉදිරියේදී මෙවන් උද්ඝෝෂණ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන අන්දමින් ක්‍රියාත්මක කරලා සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරන ගොවි මහතුන් කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශය වටලා දැවැන්ත උද්ඝෝෂණයක් දේශයේ ගොවි හඬ සංවිධානය විසින් සංවිධානය කරනවා . ඒත් එක්කම වස විස අන්තර්ගත මැද කුණු වෙච්ච විදේශීය අර්ථාපල් පාරිභෝගිකයන් අතරට යන එකට විශේෂයෙන්ම වගකියන්න ඕන සෑම නගරයකම ඉන්න නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන් , මොකද සෑම වෙළඳ සැලකම විදේශීන් ආනයනය කරන ලද අර්තාපල් අලෙවි සඳහා තබා තියෙනවා එම අර්තාපල් අල්ලපු ගමන් එබෙනවා , එම අර්තාපල්වල ගුණාත්මක භාවයක් නැහැ බීජ වෙන්න ඔන්න මෙන්න එවන් අර්තාපල් අලෙවිය තහනම් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙද්දිත් ඔවුන් ඒ දේට සහයෝගය ලබා දෙනවා කියන්නේ අපිට හිතෙන්නේ ඔවුනු ජරාව කාලා කියලයි , අපි ගෞරවයෙන් ආරාධනා කරනවා එහෙම ජරාව කාල නැත්නම් මහජන පාරිභෝජනයටට සුදුසු දේශීය අර්තාපල් පමණක් අලෙවි කරන්න අවසර ලබා දීලා පිටරටින් ගෙන්නන මහජන පාරිභෝජනයට සුදුසු අර්තාපල් අලෙවි කරන්න සූදානම් කරලා තිබෙන අලෙවි ස්ථාන වෙළදසැක් පිළිබඳව සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා."