සමජයේ සැරි සරන ව්‍යාජ අංක තහඩු ගැන ඔබ දැනුවත්ද..?
මොටර් රථ ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කරන අංක තහඩුවලට සමාන ව්‍යාජ අංක තහඩු රහසිගතව සකස් කරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකොට ඇති අතර එහිදී සැකකරුවන් අංකතහඩු ඇතුලු ද්‍රව්‍යන් රැසක් සමගින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36ක සහ 39 ක පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් සමීපයේ තිබී බොලෙරෝ රථයක්, ලැප්ටෝප් පරිගණක යන්ත්‍රයක්, වර්ණ මුද්‍රණ යන්ත්‍රයක්, පෙන් ඩ්‍රයිව් දෙකක්, ව්‍යාජ අංක පුවරු 02 ක්, සීල් 01 ක්, රාජ්‍ය ලාංඡනය සහිත ස්ටිකර් 153 ක් සහ එම් ඕ ඩි ලෙස සඳහන් ස්ටිකර් කාඩ්පත් එකක් සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව ද විශේෂ කාර්ය බලකාය පැවසීය
. අත්අඩංගුවට ගත් භාණ්ඩ සහ සැක කරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර තුන් බව ද පොලිසිය සඳහන් කරයි . විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ පුදුකුඩුඉරිප්පු කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබූහ.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |