ලංකාවෙන් යුරෝ මිලියනයක ව්‍යාජ නෝට්ටුවක්! (PHOTOS)

euro fake money dematagod mahavela
By Sewvandhi Oct 27, 2021 10:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

යුරෝ මුදල් මිලියනයක වටිනාකමකින් යුතු ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමග දෙමටගොඩ ප්‍රදේශයේදී කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ශ්‍රි ලංකා ගුවන් හමුදා බුද්ධි අ‍ංශයේ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙමටගොඩ පොලිස් වසමේ දෙමටගොඩ ගුවන් පාලම අසල මහවෙල පටුමගට හැරෙන හන්දිය අසල දී කළ වැටලීමකදී යි.

එහිදී යුරෝ මිලියනයක වටිනාකමක් ඇති බව ට සඳහන් කරමින් ව්‍යාජ ආකාරයෙන් සකස් කරන ලද යුරෝ මුදල් මිලියනයක වටිනාකමක් සහිත මුදල් නොටිටුවක් සන්තකයේ තබා ගැනිම හා තවත් පාර්ශවයකට වංචනික ලෙස ශ්‍රි ලංකා වලංගු මුදල් වලට හුවමාරු කිරිමට තැත් කිරිම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 කාන්තාවක් හා කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත බාරදී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery