ව්‍යාජ මුදල් සමග පුද්ගලයෙක් දැලේ

Report

ව්‍යාජ මුදල් නෝට්ටුවක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත හතරලියද්ද පොලිස් ස්ථානය විසින් සිදු කළ විමර්ශනයකදී විශාල ව්‍යාජ මුදල් ජාලයක් සම්බන්ධ කරුණු අනාවරණය විය.

ඉරානයට අති ප්‍රබල භූමිකම්පාවක් න්‍යෂ්ටික අවි පරීක්ෂාවක්ද ?

ඉරානයට අති ප්‍රබල භූමිකම්පාවක් න්‍යෂ්ටික අවි පරීක්ෂාවක්ද ?

2025 ජූනි 20 වැනිදා දහවල්, හතරලියද්ද ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි පුද්ගලයෙකු රුපියල් 5,000ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් භාවිතයට ගත් බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

විමර්ශන වලදී උඩුව, මහනුවර පදිංචි වයස අවුරුදු 32ක සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු සන්තකයේ තිබී රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු 03ක්, රුපියල් 500 නෝට්ටු 02ක්, සහ රුපියල් 100 නෝට්ටු 02ක් හමුවී ඇත.

දේශබන්දු තෙන්නකෝන් නඩුවට මහින්ද රාජපක්ෂවත් කැදවයි

දේශබන්දු තෙන්නකෝන් නඩුවට මහින්ද රාජපක්ෂවත් කැදවයි

තවද, සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් මුද්‍රණයට යොදාගත් මුද්‍රිත කඩදාසි රාශියක්ද සොයාගන්නට ලැබුණි. මෙයට රු. 50, 100, 500 සහ 5000 ව්‍යාජ මුදල් සඳහා මුද්‍රිත කඩදාසිද ඇතුළත්ය.

එමෙන්ම, තවත් සැකකරුවෙකු මෙම ව්‍යාජ මුදල් මුද්‍රණය සඳහා සම්බන්ධ වී ඇති බවට ලැබුණු තොරතුරක් මත, විමර්ශන නිලධාරීන් ගලගෙදර ප්‍රදේශයේ පිහිටි ආයතනයකට ගොස් පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් අත්අඩංගුවට ගත්හ.

එය මුදල් මුද්‍රණය සඳහා භාවිතා කර ඇති බවට සැකය පවතී. කෙසේ වෙතත්, එවකට එම ස්ථානයේ සිටින්නට සැකකරු නොතිබී තිබිණි. මේ වනවිට හතරලියද්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.