දේශබන්දු තෙන්නකෝන් නඩුවට මහින්ද රාජපක්ෂවත් කැදවයි

Report

වැඩ තහනමට ලක්ව සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටු විමර්ශනය 9 වැනිදාද පැවැත්විණි.

මෙහිදී සාක්ෂිකරුවන් නම දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලද අතර, වරෙන්තු නිකුත් කර තිබියදී තෙන්නකෝන් මහතා සැඟව සිටි අවස්ථා පිළිබඳව විමර්ශනයක් සිදු විය.

රත්තරන් බිත්තර මිලියන 2ක් මුහුද යටින්

රත්තරන් බිත්තර මිලියන 2ක් මුහුද යටින්

ඔහු සැඟව සිටි කාලයේ දී ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා විසින් ලබාදුන් තොරතුරකට අනුව, ඔහු කොස්වත්තේ ඉන්ධන පිරවුම්හලක් අසලදී තම නිල රථයෙන් පැමිණ වෙනත් වාහනයකට මාරුවී ගොස් ඇති බව සඳහන්ය.

මෙම තොරතුරු පිළිබඳව තහවුරු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පරීක්ෂණ කමිටුවට කැඳවනු ලැබීය.

කෙහෙළිය උඹට මොනවා කියන්නද ගිරිරාජ්ගේ දුව කෙහෙළියට හොඳ පදෙන් අමතයි

කෙහෙළිය උඹට මොනවා කියන්නද ගිරිරාජ්ගේ දුව කෙහෙළියට හොඳ පදෙන් අමතයි

ඔහු විසින් සපයන ලද CCTV දත්ත CD තැටියක් මගින් තෙන්නකෝන් මහතාගේ හැඩරුව අනුව ඔහු යැයි හඳුනාගත් බවද, නමුත් පැමිණි හා ගිය වාහන පිළිබඳව පැහැදිලි හඳුනාගැනීමක් නොමැති බවද ප්‍රකාශ කර ඇත.

මෙම පරීක්ෂණ කමිටුව, සභාපති ප්‍රීති පත්ම සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු කමිටු අංක 7 යටතේ ක්‍රියාත්මක වන අතර, ලබන ජූනි 23 වැනිදා නැවත රැස්වීමට නියමිතය.