දිනකට ආසාදිතයින් 5000ක් වාර්තා වෙනවා..දත්ත හංගලා..ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..? (VIDEO)

covid19 infections deaths informations mohomad musammil
By Sewvandhi Aug 13, 2021 12:03 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ වසංගත ව්‍යාප්තියේ දත්ත වෙනස් කිරීමක් සිදු වෙමින් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් සඳහන් මහතා පවසනවා.

හමුදාවේ ඉහළ නිලධාරියෙක් හා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් මේ සඳහා සම්බන්ධ බවත්, යුද හමුදාපතිට අවශ්‍ය නම් මෙම පුද්ගලයන් සොයාගත හැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

මෙම වැරදි දත්ත නිසා ජනාධිපතිවරයා පවා නොමග යවන බවත්, කොවිඩ් මර්ධන වැඩපිළිවෙල ද අකර්මන්‍ය කිරීමට හේතුවක් වන බවයි මුසම්මිල් මන්ත්‍රීවරයා පවසන්නේ.

පසුගිය 11 වෙනිදා මෙරටින් ආසාදිතයන් 5,415ක් වාර්තා වී ඇති බවත් 05 වැනිදා සිට මේ දක්වාම දිනකට ආසාදියන් 5,000 ඉක්මවා ආසාදිතයන් වාර්තා වී ඇති බවත් ඔහු සතුව තිබූ වාර්තාවක්ද සාක්‍ෂි ලෙස ඉදිරිපත් කරමින් පැවසුවා.

එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළකළා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now