ජනතාවට අනතුරු ඇඟවීමක්. - රට පුරාම හොර දොස්තරලා. - දැනුම් දෙන්න අලුත් අංකයක්.

By Wayomi May 17, 2024 09:39 AM GMT
Report

ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ රටපුරා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

එවැනි සමහර පුද්ගලයින් ජනතාවට විවිධ මත් පෙති වර්ගද අලෙවි කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ.

ඒ, අනුව එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ක්ෂණික දුරකථන අංකය වන 1907ට ලබාදෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා..

එමෙන්ම එම 40,000 තුළ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති පුද්ගලයින් රැසක් ද සිටින බවයි වෛද්‍ය විජේසිංහ වැඩිදුරටත් කියා සිටියේ.

.....................................

May you Like