දෙයියනේ මුන් නම් මිනිස්සු වෙන්න බෑ පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ ඡායාරූප අරන් කරලා තියෙන දේ

Report

පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ ඡායාරූප භාවිත කරමින් මුදල් ඉපැයීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අද (16) දින අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි වූයේ ෆේස්බුක් ගිණුම්වල තබන සටහන් උපයෝගී කරගනිමින් සැකකරුවන් මෙම ජාවාරම සිදුකර ඉන් උපයන මුදලින් මත්කුඩු පානය කරන බවයි.

එසේම පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ රුව භාවිත කරමින් මෙම පිරිස ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යමින් මෙම ජාවාරමෙහි නිරත වී තිබෙන බව ද සඳහන්.

ඒ අනුව මෙම එක් ගිණුමක පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට උපකාර අවැසි බව කියා පෝස්ට් පළකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සංවේදී වූවන් මුල්‍ය පරිත්‍යාග සිදුකර ඇත.

මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000 ක් විතරයි ඒක අරගෙන ඒ නඩුවට පෙනී ඉන්න කියලා..ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැන්දා

මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000 ක් විතරයි ඒක අරගෙන ඒ නඩුවට පෙනී ඉන්න කියලා..ඒ මනුස්සයා මගේ අත් දෙක අල්ලලා වැන්දා

එසේ වුවත් අදාළ දරුවන්ගේ ඥාතීන් ෆේස්බුක් සමාජයේ සංසරණය වන අදාළ පෝස්ට් දැක ඒ සම්බන්ධයෙන් සොයා බලා ඊට සටහන් තැබූ පුද්ගලයින් දැනුවත් කර ඇත්තේ තම දරුවාට උපකාර අනවශ්‍ය බවයි.

එනිසා පරිත්‍යාග ලබාදුන් පුද්ගලයෙකු මේ පිළිබඳව කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකය මගින් Facebook ආයතනයෙන් තාක්ෂණික දත්ත තොරතුරු ලබාගනිමින් ඊට අදාළ විමර්ශන ඉකුත් දා ආරම්භ කර ඇත.

එහි ප්‍රතිඵලයක් වශයෙන් වංචනික ආකාරයට ආධාර එකතු කරන පුද්ගලයින් කිහිප දෙනෙකුට අයත් facebook ගිණුම් 6ක් ද හඳුනා ගැනීමට සමත්ව ඇත.

එවිට හෙළිව ඇත්තේ මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ ඉලක්ක කරමින් කලක සිට ජාවාරමක් ක්‍රියාත්මක වී තිබෙන බවයි.

එසේම ඒ වන විටත් ව්‍යාජ ගිණුම්වලට මුදල් බැරකර තිබුණු පරිත්‍යාගශීලින් බොහෝ දෙනෙකුගෙන් පොලිසිය මඟින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙන්න සෙව්වන්දි ඇතුළු පිරිසට ඉදිරි පැය 72 වෙන්න යනදේ

මෙන්න සෙව්වන්දි ඇතුළු පිරිසට ඉදිරි පැය 72 වෙන්න යනදේ

කෙසේ වෙතත් මෙම ජාවාරම සිදුකළ සැකකරුවන් තිදෙනෙක් ඕපනායක හා රක්වාන යන ප්‍රදේශවලදී ඊයේ (15) දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව කළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ රෝගී වූ දරුවන්ට සුවය ප්‍රාර්ථනා කරමින් විවිධ පුද්ගලයින් තබන සටහන්වල තොරතුරු ලබාගනිමින්, ඊට ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම්ද ඇතුළත් කර සටහන් නිර්මාණය කරමින් මුදල් රැස්කර තිබෙන බවයි.

අඳාළ පෝස්ට් නරඹන පිරිස අදාළ බැංකු ගිණුම්වල බැර කරන මුදල් ජාවාරම්කරුවන් දිනපතා ඉවත් කරගනිමින් මත්කුඩු පානයට භාවිත කර තිබෙන බව සඳහන්.

මේ අතර සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කර ඇත.

මවක් වෙන්න සිහින දකින මව්වරුන්ට මෙන්න සතුටුදායක ආරංචියක්

මවක් වෙන්න සිහින දකින මව්වරුන්ට මෙන්න සතුටුදායක ආරංචියක්