පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙනස්වෙයි, සුබ පණිවිඩයක්
රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුකූලව අධ්‍යාපන පද්ධතියේ භෞතික හා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එමගින් කාර්යාල ව්‍යූහ ශක්තිමත් කිරීම තුළින් සේවා සැපයීමේ කාර්යක්ෂමතාව, ඵලදායිතාව සහ සේවක තෘප්තිය ඉහළ නැංවීමත්, එමඟින් ශිෂ්‍ය ප්‍රජාව වෙත ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සහතික කිරීමත් එමගින් බලාපොරොත්තු වෙනු ලබයි
තවද අධ්‍යාපන පද්ධතිය තුළ සම්පත් බෙදී යාමේ විෂමතාව අවම කිරීමත් අරමුණු කර ගනිමින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවල, කලාප අධ්‍යාපන කාර්යාලවල හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ උපකරණ ලබා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවල, කලාප අධ්‍යාපන කාර්යාලවල හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල පවතින භෞතික හා යටිතල පහසුකම් පැරණි සහ සීමිත බව අධීක්ෂනය වී ඇත.
මේ හේතුවෙන් ගුරුවරුන් සහ සිසුන් යන දෙපාර්ශ්වයටම සිය අධ්‍යාපන ක්‍රියාකාරකම් කාර්යක්ෂමව ඉටු කිරීමට බාධාවන් සිදු වන බව වාර්තා වී ඇත .
ගරු අග්‍රාමාත්‍යතුමිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ඉදිරිපත් කළ යෝජනාව වන රුපියල් මිලියන 1,264ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2026 සිට 2028 වර්ෂය දක්වා වසර 03ක කාලයක් තුළ අදාළ පළාත් සභා සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව සඳහන්ය.