ෆේස්බුක් පාවිච්චි කරන හැමෝම මේගැන අවධානයෙන් ඉන්න..

Facebook Social Media
By Aruna Apr 10, 2024 06:55 AM GMT
Aruna

Aruna

Report

තමන්ගේ නම යොදා ගනිමින් පවත්වාගෙන යනු ලබන ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් දෛනිකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි 200ක් පමණ යොමුවන බව පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි ජයසිංහ මහත්මිය පවසනවා.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවැසුවේ, එම පැමිණිලිවලට අනුව පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ෆේස්බුක් ආයතනය සමඟ සම්බන්ධ වී අදාළ ව්‍යාජ ගිණුම් ඉවත් කිරීම්ට ඉල්ලීම් සිදුකරන බවයි.

දෛනිකව ව්‍යාජ ගිණුම් ඉවත්කර දෙන ලෙස ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඉහළ බැවින් ඇතැම් විට ඊට පෙර කරන ලද ඉල්ලීම්වලට අනුව ෆේස්බුක් ආයතනය ව්‍යාජ ගිණුම් ඉවත් කර තිබේද යන්න පිළිබඳව සොයා බැලීමට පවා අවස්ථාව නොලැබෙන බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම මෙම වසරේ ආරම්භක මාස තුන තුළ දී පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි 1,500ක් පමණ යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

දර්ශිකා කුමාරි ජයසිංහ පැවැසුවේ, මෙම ඒකකය වෙත ලැබෙන පැමිණිලි ප්‍රමාණය අතරින් බහුතර පැමිණිලිවල වින්දිතයන් බවට පත්ව ඇත්තේ කාන්තාවන් සහ ළමයින් වන බවයි.