ෆේස්බුක් ගැන නවතම සමීක්ෂණයකින් හෙළිවූ දේ..භාවිතා කරන හැමෝම මේ ගැන විමසිල්ලෙන්..
ෆේස්බුක් මාධ්‍ය හරහා සිදුවන හිංසන 60% සිදුවන බව හෑෂ් ටැග් සහ නිතින් ඩිලීට් සංවිධානය ඒකාබද්ධව ' ප්‍රත්‍යා' මැයෙන් කළ නවතම සමික්ෂණයකින් හෙළිවී තිබෙනවා.
මෙම සමික්ෂණයේ දී 2022 වසරේ නොවැම්බර් මාසයේ සිට තොරතුරු එකතු කරමින් තොරතුරු හා සන්නිවේදන භාවිතයේ සිදුවන අගතින් පිළිබඳව නිරික්ෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.
කථනයේදී වෙනස් කොට සැලකීම, හිරිහැර කිරීම් සහ තර්ජන, අනවසරයෙන් පෞද්ගලික තොරතුරු බෙදාහැරීම, අනන්‍යතාව සොරකම් කිරීම, තොරතුරු පාලනය සහ හැසිරවීම, සූක්ෂ්ම විධියට ලුහුබැඳීම සහ නිරීක්ෂණය කිරීම, තාක්ෂණය භාවිතයෙන් ලිංගික අපයෝජනය සහ සූරාකෑම මේ සමීක්ෂණයේදී හඳුනාගත් ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත පදනම්ව වූ හිංසන ක්‍රියා අතර වෙන බවයි එම සමීක්ෂණයෙන් තහවුරුවී ඇත්තේ.
සමීක්ෂණ කණ්ඩායම හඳුනාගෙන තිබෙන විශේෂ කරුණක් බවට පත් වී ඇත්තේ, මෙම අපරාධ බොහෝමයක් කර තිබෙන්නේ පිරිමි සහ පිරිමි ළමයින් බවයි.
මොවුන් නිසා අගතියට පත්වන කාන්තාවන් හා දැරියන් ඉන්ටර්නෙට් නිසා ජීවිතයෙන් විඳවන බව පෙන්වා දෙන සමීක්ෂකයෝ පුද්ගලයෙකුට සිදුවූ අගතිය පිළිබඳව පවුලේ අයට කීමට ඇති දැඩි අකැමැත්ත නිසා පොලිසිය වෙත යෑම හෝ නීතිමය පියවරක් ගැනීමට පියවර නොගැනීමෙන් තවදුරටත් පීඩාවට පත්වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.
