මුහුණු පොතෙන් පෙම් කල තරුණියව ලොවටම පෙන්වූ අයෙකුට සිදුවූ දේ

Facebook Gampaha Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Oct 05, 2022 05:50 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මුහුණු පොතින් හඳුනාගෙන පෙම්කළ තරුණිය පිටු පෑමෙන් පසු ඇයගේ නිරුවත් වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවෙකුට බරපතළ වැඩ ඇතිව මාස 06 ක සිර දඬුවම් නියම කළ ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා එම සිර දඬුවම වසර 5 කට අත්හිටුවන ලෙස ඊයේ (04) නියම කර තිබෙන බව වාර්තා වෙනවා. 

 ගනේමුල්ල පොලිසිය මගින් චෝදනා ගොනු කර තිබූ 20 හැවිරිදි තරුණ විත්තිකරුට අගතියට පත් තරුණියට රුපියල් 50000 ක වන්දි මුදලක් ගෙවීමට නියම කර තිබුණු අතර එම වන්දි මුදල් නොගෙවන්නේ නම් මාස 06 ක සිර දඬුවමක් නියම කර ඇති බවයි වාර්තා වෙන්නේ.

නඩුව විභාගයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා විත්තිකරුගේ එකඟතාවය මත චෝදනාවට වරද පිළිගනු ලැබීය.

තවද ජීවිතය වරද්දා නොගන්නා ලෙසත් නැවත මෙවැනි දේ සිදු නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසටත් තරුණියට ද අධිකරනයෙන් අවවාද කෙරුණි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha