කොවිඩ් අවදානම අඩු කළ හැකි දෙයක් ගැන හෙළිදරව්වක්.

By Sewvandhi Nov 19, 2021 09:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුඛ ආවරණ භාවිතා කිරීමෙන් කොවිඩ් අවදානම අඩකින් අවම කරගත හැකි බව බ්‍රිතාන්‍යයේ සිදුකළ නවතම සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. 

බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක පළවූ එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණේ එන්නත්කරණය සාර්ථකව සිදුවූ රටවල පවා නැවතත් කොවිඩ් හිස එසවීම සම්බන්ධයෙන් කළ පර්යේෂණයකදී මේ බව අනාවරණය වූ බවය. 

බොහෝ රටවල් එන්නත්කරණය සම්බන්ධයෙන් ප්‍රමුඛතාව හා විශ්වාස තබාගෙන සමාජ සීමා ඉවත්කරමින් පැවතීම වඩාත් අවධානම්සහගත බවද ඔවුන් පෙන්වාදී තිබේ. මේ අතර බ්‍රිතාන්‍යයේ උද්ධමනයද කැපී පෙනන අගයකින් ඉහළගොස් තිබේ. 

ගෙවුණු දශකයේ එරට උපරිම උද්ධමනය මේ වනවිට වාර්තාවෙමින් පවතින බව නවතම වාර්තා පෙන්වා දී ඇත. විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ, කොවිඩ් වසංගත සමස්ත ලෝකයටම එල්ල කළ බලපෑම මෙලෙස උද්ධමනයට දැඩි සේ ඉහළයාමට හේතුවී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha