ගුවන් යානයක් උඩු ගුවනේ දීම අතුරුදන් වෙලා - සොයා ගන්න ජනතාවගෙන් සහය පතයි.. (PHOTOS)

By krishani Sep 18, 2023 02:45 PM GMT
Report

ඊයේ (17) පස්වරුවේ දී F -35 ප්‍රහාරක ජෙට් යානය අතුරුදන් වී තිබෙනවා.

එම යානය සොයා ගැනීමට එක්සත් ජනපද හමුදාව මහජනතාවගේ සහාය ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඊයේ පස්වරුවේ එය අතුරුදන් වූයේ නියමුවා දකුණු කැරොලිනා ප්‍රාන්තයට ඉහළින් පියාසර කරමින් සිටිය දී බවයි වාර්තා වන්නේ.

ගුවන් නියමුවා නිරුපද්‍රිතව යානයෙන් පිටතට පැරෂුට් එකක ආධාරයෙන් පැමිණ තිබෙනවා.

ඔහු රෝහලේ ස්ථාවර තත්ත්වයේ පසුවන අතර සිදුවූයේ කුමක් ද යන්න තවමත් පැහැදිලි නොමැති වී ඇත.

නමුත් නිලධාරීන් කියා සිටියේ යානය අනතුරකට ලක්ව ඇති බවත් චාල්ස්ටන් නගරයට උතුරින් පිහිටි Moultrie විල සහ Lake Marion යන විල් දෙකක් වටා සෙවීම් යොමු කරන බවත් ය.


ගුවන් යානා අනතුරින් නියමුවන් දෙදෙනෙකු මිය යයි.

ගුවන් යානා අනතුරින් නියමුවන් දෙදෙනෙකු මිය යයි.


GalleryGallery