අතිරික්ත විදුලිය රටවලට අපනයනය කරනවා විතරයි. - ඉන්දියාව සමග ගිවිසුමක් නෑ - ඇමති විජිතගෙන් ප්‍රකාශයක්.
බිම්ස්ටෙක් ආර්ථික සහයෝගිතාව යටතේ මෙරට නිෂ්පාදනය කරන අතිරික්ත විදුලිය අපනයනය කිරීම හැර ඉන්දියාව සමග කිසිදු ගිවිසුමකට රජය එළැඹ නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
ඒ, අද (18) පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජනාධිපතිවරයා ඉන්දියාවේ සිදුකළ සංචාරය පිළිබදව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
කෙසේ වෙතත් කොළඹ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කියා සිටියේ, එට්කා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමම බරපතල කරුණක් බවයි.

IMF එකෙන් PAYE Tax අඩු කරයි. - අඩු අදායම් ලබන අයට වාසිය ලැබෙන්නේ මෙහෙමයි. - බැංකු පොලියෙන් ජීවත් වන අයටත් වාසි. - (VIDEO)
You May Like This Video