අලුගෝසු කාර්යමණ්ඩලය තවත් ජිවිතයක් බිලි ගනී ( video )
Hospitals in Sri Lanka
Death
Sinhala news
By Hashan
රිය අනතුරක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු තරුණයකු හදිසියේ මිය ගොස් තිබෙනවා .
එම තරුණයා කරාපිටිය රෝහලේ 58 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අතර තුර මෙලෙස මිය ගොස් ඇත .
කෙසේ වෙතත් ඥාතීන් චෝදනා කරන්නේ වෛද්‍ය වරුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
මිය ගිය තරුණයාගේ මව පවසා සිටින්නේ තම දරුවා ඔහුගේ වේදනාව වෛද්‍ය වරුන්ට පැවසුව ද ඔවුන් ඒ සඳහා කිසිදු ප්‍රතිකාරයක් නොකර සිටි බවයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි චතුරංග සදරුවන් නමැති 31 හැවිරිදි තරුණයකි.
