විභාග කොමසාරිස් ඉවත් කරන ලෙසට ප්‍රකාශයක්..ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්ණයක් වෙයි.

Ministry of Education Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Education
By Aruna Oct 20, 2024 08:09 AM GMT
Aruna

Aruna

Report

වර්තමාන විභාග කොමසාරිස් ජෙනරාල්වරයා යටතේ අතිශයින්ම බරපතල විභාග වංචා දෙකක් සිදුව ඇති බැවින් සහ ඊට අදාළ නිසි පියවර නොගැනීම හේතුවෙන් වහාම විභාග කොමසාරිස් ජෙනරාල්වරයා එම තනතුරින් ඉවත් කර සේවය අවසන් කළ යුතු බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකදී අද(20) ප්‍රකාශ කළා.

මෙහිදී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මේ කොමසාරිස් ජනරාල්වරයා යටතේ අතිශයින්ම බරපතල විභාග වංචා දෙකක් සිදුව ඇති බවයි.

සභාපතිවරයා සඳහන් කළේ, ඒ වෙනුවෙන් එම චෝදනාකරුවන්ට විභාග රාජකාරී අත්හිටුවීම ඇරෙන්න කිසිම වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි.

ධනය උපයාගත් ධනවතුන් පරිස්සම් වෙන්න..ආණ්ඩුවෙන් කරන්න යන විශේෂ දේ මෙන්න.

ධනය උපයාගත් ධනවතුන් පරිස්සම් වෙන්න..ආණ්ඩුවෙන් කරන්න යන විශේෂ දේ මෙන්න.


2015 වසරේ සිට මේ දක්වා බරපතල ගණයේ විභාග වංචා 439 ක් සිදුව ඇතැයි ද ඒ වෙනුවෙන් ද ලබා දී ඇති උපරිම දඬුම වී ඇත්තේ ජීවිත කාලයටම විභාග රාජකාරී පමණක් තහනම් කිරීම බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, තමන් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්, මේ වනවිට ශිෂ්‍යත්ව විභාග සිද්ධියට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩුවක් පවා ක්‍රියාත්මක බවයි.

එමෙන්ම දෙපාර්තමේන්තුව පූර්ණ විමර්ශනයක්ද මේ වනවිට සිදු කරන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුලින්ම පැමිණිලි කළේද තමන් බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අවධාරණය කළේ.

තම සීමාව තුළ උපරිම සාධාරණයක් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවද තවදුරටත් ඒ මහතා කියා සිටියේ ය.

නව ජනපති අනුරට දෝශාභියෝගයක් ගෙන එන ආකාරය ගැන ගම්මන්පිලගෙන් දැනුම්දීමක්..

නව ජනපති අනුරට දෝශාභියෝගයක් ගෙන එන ආකාරය ගැන ගම්මන්පිලගෙන් දැනුම්දීමක්..


එහෙයින් මේ කටයුතු කිසිසේත් අතහැර නොමැති බවද විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය.