හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අද අල්ලස් කොමිසමට

Report

පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුව ඇති අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අල්ලස් කොමිසම වෙත අද (15) පෙරවරුවේ පැමිණීමට නියමිතව ඇත.

මනුෂ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම හමුවේ ප්‍රකාශ කළේ සිය සේවාදායකයා මෙලෙස අද අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන බවයි.

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ ඉල්ලීම, විනිසුරුවරයා ඊයේ නිෂ්ප්‍රභ කර තිබේ.

පිටු 15කින් සමන්විත නියෝගයේ අවසන් පිටුව කියවමින් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ, අල්ලස් කොමිසම විසින් තමන්ව ද්වේෂ සහගත ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පෙත්සම්කාර මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් අධිකරණයට සෑහීමකට පත්විය නොහැකි බවයි.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට අධිකරණයෙන් නියෝගයක්

ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදු වී ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදු කරන බවත් එම විමර්ශනය හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් අධිකරණයට ඉදිරිපත් කළ සිය අපේක්ෂිත ඇප පෙත්සමේ සඳහන් කර තිබුණි.

පස් කන්දක් කඩා වැටී දරුණු අනතුරක්

පස් කන්දක් කඩා වැටී දරුණු අනතුරක්