රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට
Keheliya Rambukwella
Bribery Commission Sri Lanka
Sinhala news
Breaking News
SriLanka News - Gagana
By Shehan
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට එරෙහි අල්ලස් නඩුවේ සැකකරුවෙකු ලෙස රමිත් රඹුක්වැල්ල ඊයේ (20) අධිකරණය විසින් නම් කිරීමෙන් පසුවය.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල, අද (21) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි අතර, ප්‍රකාශය ලබාගැනීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
