ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු ලොක්කෙක් අල්ලස් දැලේ

Report

රජයට රුපියල් කෝටි 158කට (රුපියල් 1,586,000,000) අධික මූල්‍යමය පාඩුවක් සිදු කරමින් දූෂණය නැමැති වරද සිදුකිරීමේ චෝදනාව මත ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් අද (29) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සිය නිල බලය අයුතු ලෙස යොදාගනිමින්, ආයතනික ලිපි ශීර්ෂ භාවිත කර විධිමත් නොවන විමර්ශන වාර්තාවක් නිකුත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරාට ඇප

අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරාට ඇප

බොරැල්ල, එලියට් පාරේ පිහිටි හෙක්ටයාර් 1.0982ක විශාලත්වයෙන් යුත් වෙළඳපල වටිනාකම රුපියල් එකසිය පනස් අටකෝටි හැට ලක්ෂයක් වන මෙම රජයේ ඉඩම, අදාළ වාර්තාව මගින් පෞද්ගලික පාර්ශ්වයකට අයත් ඉඩමක් ලෙස ඒත්තු ගන්වා අනිසි වාසියක් සපයා දී තිබේ. අත්අඩංගුවට ගත් හිටපු කොමසාරිස්වරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඥානසාර හිමියන්ගේ සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ නඩුවේ මෝසම කැඳවෙයි

ඥානසාර හිමියන්ගේ සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ නඩුවේ මෝසම කැඳවෙයි