පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්න අභියාචනාධිකරණයෙන් වරෙන්තු
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර ඇත .
පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙසත් නියෝගයේ සඳහන්ය .
තව දුරටත් එහි සදහන් වුණේ ඔක්තෝබර් මස 1 වැනිදා විත්තිකාර ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි .