“මැතිවරණ කොමිසමේ ප්‍රධානියා BJP රූකඩයක්” - ඉන්දීය කොංග්රස් සභාපති මල්ලිකාර්ජුන් ඛාර්ගේ දැවැන්ත ප්‍රහාරයක්
ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ඥානේෂ් කුමාර් BJP රජයේ “රූකඩයක්” බවට චෝදනා කරමින්, ඔහු වහාම ධුරයෙන් ඉවත් කළ යුතු බව ඉන්දීය කොංග්රස් පක්ෂයේ සභාපති මල්ලිකාර්ජුන් ඛාර්ගේ පවසයි.
කොංග්රස් ක්‍රියාකාරී කමිටු (CWC) රැස්වීම අමතමින් ඛාර්ගේ මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වය සහ ඡන්ද නාමලේඛන සංශෝධනය සම්බන්ධයෙන් මතුව ඇති මතභේද අතරතුරදීය.
මැතිවරණ කොමසාරිස්වරුන් දෙදෙනෙකුම ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාගේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ප්‍රශ්න මතු කර ඇති බව ද ඛාර්ගේ සඳහන් කළේය.
විශේෂයෙන්ම Special Intensive Revision (SIR) හෙවත් ඡන්ද නාමලේඛන විශේෂ සංශෝධන ක්‍රියාවලිය සහ අනෙකුත් මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරුන් වන විවේක් ජෝෂි සහ සුඛ්බීර් සිං සන්ධු විසින් විරෝධතා ඉදිරිපත් කළ බවට The Indian Express වාර්තා කර තිබේ.
එම වාර්තාව අනුව, මාස 10ක කාලයක් තුළ අවස්ථා 14කදී එවැනි විරෝධතා මතු වී තිබේ. කෙසේ වෙතත්, එම විරෝධතා අවසන් තීරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම තුළ ඇති වූ ආයතනික මතභේදයක් ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ප්‍රතිචාර දක්වා ඇති අතර, කෙටුම්පත් අවස්ථාවේදී ඉදිරිපත් කරන මෙහෙයුම්මය ප්‍රශ්න, අදහස් සහ යෝජනා එහි සාමාන්‍ය පරිපාලන හා තීරණ ගැනීමේ ක්‍රියාවලියේ කොටසක් බව පවසා තිබේ.
‘සාමකාමී චීනය’ මුලපිරීම නව මට්ටමකට - චීනය ලොව ආරක්ෂිතම රටක් බවට පත්කිරීමට ජනපති ෂී ජින්පින්ගෙන් විශේෂ උපදෙස්
ඛාර්ගේ ඉදිරිපත් කළ ඉල්ලීම් 5
ඡන්ද නාමලේඛන සම්බන්ධයෙන් කොංග්රස් පක්ෂයේ ඉල්ලීම් පහක් ද ඛාර්ගේ CWC රැස්වීමේදී ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, ඡන්ද නාමලේඛනවල සිදුකරන සියලු වෙනස්කම් පිළිබඳ දත්ත ප්‍රසිද්ධ කළ යුතුය.
ඡන්ද නාමලේඛනයෙන් නම් ඉවත් කළ සියලු ඡන්දදායකයන්ට ඒ සම්බන්ධයෙන් අභියාචනා කිරීමට අවස්ථාව ලබාදිය යුතුය. සියලු දේශපාලන පක්ෂ වෙත නියමිත වේලාවට සරල ආකෘතියකින් ඡන්ද නාමලේඛන ලබාදිය යුතුය.
බරපතළ අක්‍රමිකතා හඳුනාගත හැකි අවස්ථාවල ස්වාධීන සහ කාලසීමාවකට යටත් විමර්ශනයක් සිදුකළ යුතුය. ඡන්ද විමසීමේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු සඟවා ඇති බවට කිසිවෙකුට හැඟීමක් ඇති නොවන පරිදි එය වඩාත් විනිවිදභාවයකින් සිදුකළ යුතුය.
මීට අමතරව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිවරණ කොමිසමේ ප්‍රධානියාට බලපෑම් කළ බවට ද ඛාර්ගේ චෝදනා කළ අතර, එම චෝදනාව සම්බන්ධයෙන් මෝදිට “සදාචාරාත්මක පදනම මත” ඉල්ලා අස්වන ලෙස ද ඔහු ඉල්ලා තිබේ.
ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ප්රජාතන්ත්රවාදයේ මූලික අංගයක් බව පවසමින් ඛාර්ගේ අවධාරණය කර ඇත්තේ සුදුසුකම් ඇති කිසිදු ඡන්දදායකයෙකු අත්තනෝමතික ලෙස ඡන්ද අයිතියෙන් ඉවත් නොකළ යුතු බවයි.
එමෙන්ම නව ඡන්දදායකයන් ලියාපදිංචි කිරීම සඳහා භාවිත කරන Form 6 සම්බන්ධයෙන් සිදුකර ඇති වෙනස්කම් තරුණ ඡන්දදායකයන්ට බලපෑම් කළ හැකි බවට ද ඔහු චෝදනා කර තිබේ.
මේ අතර, මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සමක් සලකා බැලීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ද එකඟ වී ඇති අතර, එහිදී ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාගේ ක්‍රියාකාරීත්වය සහ SIR ක්‍රියාවලිය සම්බන්ධ කරුණු අභියෝගයට ලක් කර තිබේ.