මෙට්‍රො බස් රථ සේවය ස්ථාපිත කිරීමට රජය බිලියන 7.5ක් වැය කළා, එය රටේ ආර්ථික ශක්තිමත් භාවයේ සංකේතයක් – ඇමති බිමල් රත්නායක

Report

කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සහ වඩාත් සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින් බස්නාහිර පළාතේ ප්‍රධාන මාර්ග 07ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රො බස් රථ 111ක් ධාවනයට එක්කිරීම අද (29) පෙරවරුවේ සිදු කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තලංගම මෙට්‍රො බස් ඩිපෝ පරිශ්‍රයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

2025 අයවැය යෝජනාවක් ලෙස ආරම්භ කෙරුණු මෙම වැඩපිළිවෙළ යටතේ පහත තට්ටුවේ නවීන බස් රථ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 3,000ක ප්‍රතිපාදන වෙන් කර තිබූ අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ස්ථාපිත කළ 'Lanka Metro Transit' (පෞද්ගලික) සමාගම මගින් කිලෝමීටර් 188.7ක සමස්ත මාර්ග කොරිඩෝවක් ආවරණය වන පරිදි සේවාවන් සැලසුම් කර ඇත.

නව මෙට්‍රො බස් පද්ධතිය මගී තොරතුරු, ඩිජිටල් ගාස්තු එකතු කිරීම සහ ස්මාර්ට් බස් රථ සමූහ කළමනාකරණයෙන් සමන්විත වන අතර, ඉදිරියේදී මහනුවර, ගාලු සහ යාපනය යන ප්‍රධාන නගර වෙත ද මෙම සේවාව ව්‍යාප්ත කිරීමට නියමිත බව මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා,

“අද සිට නාගරික ප්‍රවාහනය වෙනුවෙන් බස් රථ 122 ක් පොදු ප්‍රවාහන සේවයට එක් වෙනවා. මේ ආණ්ඩුව පත් වී වසර දෙකක් සම්පූර්ණ වන මොහොතේ මේ රට ගමන් කරන දිශානතිය පෙන්වා දෙන සංකේතයක් ලෙස මෙම අවස්ථාව හඳුන්වා දීමට කැමතියි. මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය හා සමාන මට්ටමක පොදු ප්‍රවාහන සේවයක් තැබිය යුතු බව පසුගිය දිනෙක ජනාධිපතිවරයා සමඟ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී එතුමා අවධාරණය කළා. එතුමාගේ ඒ දිරි ගැන්වීම අද මේ පියවර සඳහා විශාල ශක්තියක් වී තිබෙනවා.

මෙට්‍රො සේවය ස්ථාපිත කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියන හත හමාරක් පමණ යොදවා තිබෙනවා. එක් අතකින් එය රටේ ආර්ථික ශක්තිමත්භාවයේ සංකේතයක් බවද කිව යුතුයි. මේ රජයේ වසර 2ක ගමනේ ලිවීමස් පරීක්ෂාවෙන් අප සමත් වී ඇති බව ඉන් තහවුරු වෙනවා. අප මේ කාර්යය සඳහා ගත කර තිබෙන්නේ වසරකටත් වඩා අඩු කාලයක්. දවස් 356 ක් වැනි කාලයක් තුළ සියලු චක්‍රලේඛ අනුගමනය කරමින් අපි විශාල අභියෝගයක් ජය ගෙන තිබෙනවා. සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර තවත් බස් රථ 50ක් ගෙන්වා යාපනය, මහනුවර සහ ගාල්ල නගරාන්තර සේවයට යෙදවීමටත් අපි බලාපොරොත්තු වෙනවා. නගරාන්තර වාහන තදබදය අවම කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මෙට්‍රො සේවය ව්‍යාප්ත කිරීමේ දී නාගරික ප්‍රවාහන බලපත්‍ර ක්‍රමයක් උපයෝගී කර ගත යුතුයි. ඉන්පසු අප මේ සඳහා පුද්ගලික අංශයක් එක් කර ගැනීමට අපේක්ෂා කරනවා. ඒ වගේම Park & Ride ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සඳහා අදාළ බස් නැවතුම් පොළ සමීපයේ රථවාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන ස්ථාපිත කර දෙන මෙන් නගරාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටීමට කැමතියි. ඒ වගේම අපිට මේ බස් රථ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා බස් රථ 08ක් ලබා දෙමින් ජපාන රජය විශේෂ සහයෝගය ලබා දුන්නා.

ඒ වගේම ජනාධිපතිතුමා චීනයේ සිදු කළ සංචාරයේදී සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙට්‍රෝ සමාගමට බස් රථ 100ක් ලබා දීමට චීන රජය එකඟතාව පළ කර තිබෙනවා. එම සියලු දෙනාටත් මේ වෙනුවෙන් කැපවූ සියලු පාර්ශ්වයන් වෙතත් මාගේ ස්තුතිය පුද කරනවා.”

ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් යන මහත්වරු සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, විදෙස් තානාපතිවරුද, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු ආසිරි කරුණාර්වර්ධන, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහුද, ලංකා මෙට්‍රො ට්‍රාන්සිටි ආයතනයේ සභාපති එස්. එම්. යූ. පී. තිලකරත්න, ප්‍රධාන විධායක නිලධාරි බී. එම්. පියතිලක යන මහත්වරු සහ එහි කාර්‌ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්වුණා.

ත්‍රිකුණාමලය – හොරොව්පොතාන ප්‍රධාන මාර්ගය සසල කළ බිහිසුණු අනතුරක් - එකම පවුලේ සිව්දෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට - තිදෙනෙකුට බරපතළයි

ත්‍රිකුණාමලය – හොරොව්පොතාන ප්‍රධාන මාර්ගය සසල කළ බිහිසුණු අනතුරක් - එකම පවුලේ සිව්දෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට - තිදෙනෙකුට බරපතළයි