ලලිත් - කූගන් අතුරුදන්වීමේ නඩුවට සාක්ෂි දීමට ගෝඨාභය රාජපක්ෂ කොළඹ අධිකරණයට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන දෙදෙනා අතුරුදන්වීම සම්බන්ධ නඩුවට අදාළව ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීම සඳහා ඔහු මෙලෙස අධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.
2011 වසරේ දෙසැම්බර් 10 වැනිදා යාපනය, ආවරංකාල් ප්‍රදේශයේදී ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව විභාග කෙරේ.
අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේය.